මලක මහිම
මගේ රෝස ගසේ කුඩා පොහොට්ටුවක් ඇති වූ විට,
මම ඉතා සතුටෙන් ඒ දෙස බැලුවා,
මම දිනපතා වතුර, පොහොර දමමින් එම ගසට සැළකීම නිසා,
එම ගස මට දුන් දායාදය තමයි,
මෙම මල යනුවෙන්යි මම සිතුවේ
දිනෙන් දින දවස් ගත වෙද්දී,
මම මල් පොහොට්ටුව ඉතා ලස්සන මලක් බවට පත් වූවා,
එය මගේ සිතට ඉතා සහනදායි පාඩමක් ඉගැන්නුවා
ඒ මෙලෙසයි;
තද හිරු රශ්මිය ඇති දවසක මම ඒ මල දෙස බැලුවා
ඒ මල මැළ වී නොගොස්,
එය හිස කෙළින් තබා ගෙන සිටි බව මම දුටුවා
එසේම;
දිනක් තදින් වර්ෂාව පවතිද්දී,
මම ඒ මල දෙස නිවසේ සිට බැලුවා,
මම දැක්කේ එම මල ඉතා ශක්තිමත් ලෙසින්,
වැහි දියෙන් තෙමෙමින්, එක් පෙත්තක් හෝ බිමට නොවැටී සිටියා
එම මල පරවී ගියේ,
එම මල පිපී තිබෙන කාලය ඉකුත්ව ගිය පසුවයි,
එසේ නොමැතිව තද හිරු රශ්මිය නිසාවත්,
තද වර්ෂාව නිසාවත් නොවේ.
මම එවිට සිතු දෙයක්, මෙලෙසින් ලියා දක්වමි,
එනම්, ජීවිතෙත් මේ මල මෙන් යනුයි
අප ජීවිතය ගෙන යාමේදී දැඩි අව් රශ්මිය වගේම දැඩි වර්ෂාවටද මහුණ දීමට සිදු වෙයි,
එනම්; නොයෙකුත් ප්‍රශ්ණ, කරදර බාධා ඇතිවේ
මල අව්වට මෙන්ම වර්ෂාවටද ඉතා ශක්තියෙන් මුහුණ දුන් අයුරින්,
අපත් එම ප්‍රශ්න වලට මුහුණ දිය යුතුයි
එවිට හිරු රශ්මිය බැස යන සේම, දැඩි වර්ෂාව අඩු වී යාන්නා සේම,
නැවත සාමාන්‍ය පරිසරයක් ගොඩ නැගෙනා සේම,
අපේ ප්‍රශ්න වලට අපි නොසැලී සිටී නම්,
එම ප්‍රශ්න වලට පිළිතුරු ලැබී,
අපිට සහනදායක කාලයක් ලැබෙනවා නියතයි!
ශ්‍රිමල් චම්පිකා වික්‍රමසිංහ
No comments:
Post a Comment